Wednesday, November 9, 2016

Hillary Clinton අභිබවා Donald Trump ජයගනී



 ඊයේ එනම් නොවැම්බර් 8 වන දින පවතී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ වැඩි ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුනා. විවිධ ව්‍යාපාර වල නිරත වෙමින් හිනි පෙත්තටම ගොස් සිටින ට්‍රම්ප් ගේ සමාගම් වල මේ වන විට 20000 කට අධික සේවක පිරිසක් ඔහු යටතේ සේවය කරමින් සිටී.1946 ජූනි 14 වනදා උපත ලද ට්‍රම්ප් නිව්යෝක් නුවර ඉඩකඩම් සංවර්ධකයෙකු වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයෙක් වූ අතර 1968 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෝටන් පාසලෙන් තම උපාධිය ලැබීමෙන් අනතුරුව පියාගේ සමාගමට එක්වී එය වැඩිදියුණු කළේය.ට්‍රම්ප් හට විවාහයන් තුනකින් දරුවන් පස් දෙනෙක් සිටින අතර ඔහුට සිටින මුණුබුරන් ගණන අට දෙනෙකි.ජාතිය අමතා කල කතාවේදී ISIS සංවිධානය කඩිනමින් පරාජය කිරීම අනිවාර්ය ද  බව ඔහු පවසා ඇත.

No comments:

Post a Comment